Wednesday, January 9, 2013

ඒකත් එහෙමද ? - සෙන් කතා 02





හකුයින් ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක් ඔහුගේ බ්‍රහ්මචාරී ජීවිතය නිසාම ඔහු අතිශයින් ජනාදරයට පත්වී සිටියා ඔහු වාසය කල ආරාමය පිහිටා තිබුනේ ගැමි නිවසකට යාබදවයි එම නිවසේ ලස්සන ජපන් තරුණියක් තම දෙමව්පියන් සමගින් වාසය කලා

ටික කලක් ගතවෙත්ම තරුණිය හදිසියේම ගැබ්ගෙන ඇතිබව දෙමව්පියන් දැනගත්තා ඔවුන් දැඩිසේ කෝප උනා එහෙත් තරුණිය දරුවාගේ පියා කවුද යන්න හෙලි කලේ නැහැ, අවසානයේ ඇය නූපන් දරුවාගේ පියා හකුයින් බව ප්‍රකාශකලා

දෙමව්පියන්ට අදහා ගැනීමට නොහැකි උනා ගමේ ගරු බුහුමානයට පත්වූ හකුයින් මෙයට වගකිවයුතු බව හෙලිවූවිට ඔවුන් කේන්තියෙන් හකුයින් හමුවීමට දිවගොස් බැණ වදින්නට උනා සියල්ල සාවදානව අසාසිටි හකුයින් අවසානයේ

"ඒකත් එහෙමද" යනුවෙන් අසා සිටියා

කුඩා දරුවා ඉපදීමෙන් පසු හකුයින්ගේ භාරයට පත්කරනු ලැබුවා ඒ වනවිට හකුයින් සතුවූ කීර්තිය නැතිවී තිබුනා එහෙත් හකුයින් අසල් වැසියන්ගෙන් ඉල්ලා ගනිමින් කුඩා දරුවාට අවශය සියලුම දේ ලබා දී දරුවා පෝශණය කලා

අවුරුද්දක් ගතවීමෙන් පසු තරුණියට තවදුරටත් සත්ය සගවා ඉන්න බැරි උනා ඇය තම දෙමව්පියන්ට තම දරුවාගේ නියම පියා මාළු වෙළද සැලේ තරුණ සේවකයෙකු බව ප්‍රකාශකලා දෙමව්පියන් තමන් කල වැරැද්ද ගැන බොහෝ පසුතැවිලි උනා ඔවුන් වහාම හකුයින් හමුවීමට දිවගියා

හකුයින් හමුවී තමන්ට සමාව දෙන ලෙසත් දරුවා නැවත භාර ගැනීමට සූදානම් බවත් ප්‍රකාශ කලා හකුයින්

"ඒකත් එහෙමද"  කියමින් දරුවා නැවත භාර දුන්නා.

No comments:

Post a Comment