Friday, March 25, 2011

රස්තියාදුව 01

අපි උසස් පෙල කරන කාලේ ඔය හැමොම කරනවා වගේ පන්ති කට් කිරිල්ලත් අඩු පාඩුවක් නැතුවම කලා ඒ කාලේ මම සෙට් වෙලා හිටියේ වෙනම සෙට් එකක් එක්ක උනුත් පොඩි කාලේ ඉදලම දන්න, එකම ඉස්කොලේ අය උනත් වැඩි භජනයක් තිබුනේ නෑ උසස් පෙල කරන තුරු.ඒ සෙට් එකේ දහයක් විතර හිටියා එක එක මොඩ්ල් එකේ එවුන් ඉතින් ඉරිදා සෙනසුරදා මුලු දවසෙම පන්ති තියෙන දවසට අපි පන්තියේ ඉන්නේ වරුවයි හවස් වරුව ගතකරන්න එක එක තැන් හොයාගෙන තිබුනා අපේ ප්‍රසිද්දම තැන තමයි පොල්හේන වැල්ල ලන්කාවෙ හුගදෙනෙක් ඔතන නාලා ඇති

වැල්ල කිව්වට වැල්ලෙම නෙවෙයි පොල්හේන ගල් වැටේ මාතර පැත්තෙ අය නම් දන්නවා පොල්හේන ගල් වැට කියන්නෙ මොකක්ද කියලා නොදන්න අයට කියන්නෙ ගල් වැට කියන්නෙ ගොඩබිම මුහුදු රැලට හේදෙනවට දාපු විසාල ගල් තීරුව ඒක කිලෝමීටර් දෙක තුනක් විතර දිගයි හැන්දෑවකට අර විසාල ගල් උඩට වෙලා මුහුද දිහා ඉර බැහැගෙන යන හැටි බලන්න ඉන්න කියාපු තැන අපි ඔය ගල් වැටේ ඇවිදපු නැති තැනක් නැහැ

මාතර පැත්තෙ ඉදල එනකොට ඔය නාන තැනට කිට්ටු වෙද්දි හමුවෙනවා මුහුදට සම්බන්ද වෙන ඇල මාර්ගයක් ඔය ඇල ලගත් අපේ තිප්පොලක් පිහිටල තිබුනා අපි තිතට මත තියන්න සෙට් උනේ එතනට කාගෙන්වත් කිසිම බාදාවක් නැති හරි අපූරු තැනක් වටේටම තියෙන්නෙ පාලු පොල් වතු නිසා මාලු අල්ලන කෙනෙක් ඇරෙන්න කවුරුවත් තනියම එතනට එන්නේ නෑ

අපේ සුප්‍රසිද්ඩ කන්ඩායමේ ප්‍රදානියා ඒ වසමෙම පදින්චි කාරයෙක් නිසා අපිත් බයක් නැතුව ඕවයේ රස්තියාදු ගැහුවා මෑන් ගෙ ගෙදර තමයි අපේ මූලස්ථානය අපි හැම කෙනෙකුගෙම කලිසමක් එහේ තැන්පත් කරලා තිබුනා හදිසියකදි මුහුදේ නාන්න, මිනිහා ලග මාලු බාන ආම්පන්නත් ඔක්කොම තියෙනවා මෑන් හරි දස්සයා ඔය වැඩ වලට මෑන් මාලු බානකොට අපි බලන් ඉන්නවා දන්න එවුන් පිත්ත ගන්න පොරකනවා හැබැයි ඔය ඔක්කොම කලේ අර මම කලින් කිව්ව ඇල පාරෙ පූර්ණ රහසිගතව ඇයි අපේ පන්ති වලටම එන එක කෙල්ලෙක් දැක්කොත් ඇති මුලු දකුනු පලාතම දැනගන්න

ඔතන මාලු බානවට අමතරව කකුලුවෝ අල්ලන එකත් කලා හුගදෙනෙක් කකුලුවො කන්න ආසා උනාට අල්ලන හැටි දන්නෙ නෑ කකුලුවො අල්ලන එක ක්‍රමයක් තමයි පරණ ස්පෝක් නැති බයිසිකල් රිම් එකකට බොක්ක හිටින්න දැලක් බැදලා ඒකට මාලු කරමල් මාලු ලේ එක්කම දාලා රිම් එක අර ඇල පාරේ ගිල්ලවනවා රිම් එකේ දැල නිසා මාලු කරමල් වතුර පාරට ගහගෙන යන්නෙ නෑ
පැයක් විතර රිම් එක වතුරෙ තියලා ගොඩට ඇදලා ගන්නවා එතකොට මාලු ලේ රස නිසා කරමල් කන්න රිම් එක ඇතුලට බැහැපු කකුලුවො දැලේ පැටලිලා ඉන්නවා අල්ලන කෙනාගෙ වාසනාවත් කකුලුවන්ගේ අවාසනාවත් වැඩි නම් කකුලුවෝ තුනක් හතරක් එක වරකට රිම් එක ඇතුලට බැහැල ඉන්නවා දකින්න පුලුවන්

මාලු අල්ලන අයගේ විශ්වාසයක් තියෙනවා ගොඩට ගන්න කකුලුවෝ උන්ගෙ මස් දිය කරනවා කියලා විද්යාත්මක හේතුව මොකක් උනත් එහෙම විශ්වාස කරන්නෙ ගොඩට ගත්ත හැටියෙම හැම කකුලුවෙක්ම කටින් පෙන දාන්න ගන්න නිසා ඉතින් "ඒක නවත්තන්න" ඒ අය කරන වැඩක් තමයි තරමක් මහත කෝටු කෑල්ලකින් කකුලුවගෙ කට තලන එක තරමක් විහිලුවක් විදිහට පෙනුනත් සමහර අය ඒක අකුරටම අනුගමනය කලා අපේ එකත් එහෙම කරනවා දැකලා තමයි අපිත් ඒ ගැන දැනගත්තෙ, ඉතින් අපිත් කකුලුවෝ පහක් හයක් අල්ල ගත්තට පස්සේ මෑන්ගෙ ගෙදරට කකුලුවෝ ගෙනල්ලා උයාගෙන කනවා මට නම් ටිකක් හිතට අප්සෙට් මේ වැඩේට ඔන තරම් මාලු බානවා කකුලුවො අල්ලනවා බලන් හිටියත් කවදාවත් මම නම් මේ වැඩේට සම්බන්ද වෙලා නෑ කකුලුවෝ පිහගෙන යාලුවෝ ඔන තරම් කෑවට ගියත් මම කාලා තියෙන්නෙ එකම දවසයි.

ඉස්කොලේ කට් කරන දවසට කරන්නෙ යාලුවගේ ගෙදර ගිහින් අපේ කොට කලිසම් ඇදගෙන උදෙන්ම වැල්ලට බහින එක එතකොට වැඩ ගොඩයි මුහුදෙ බැහැල එක එකාගෙ කරේ නැගලා පිරමිඩ හදන්න ගුස්ති අල්ලන්න ඈත ගල් පරේට තරගෙට පීනන්න,දවල් වෙනකොට හොදටම මහන්සි බඩගිනි ඉතින් අපි දුවගෙන කෙලින්ම යාලුවගේ ගෙදරට එනවා යාලුවගේ අම්මා අපිට කෑම හදලා තියෙනවා අපිත් ඉතින් හොදට කාලා බීලා කාගේ හරි වත්තකින් කුරුම්බා තැබිලි කඩන් බීල හවස පාඩුවෙ ගෙදර යනවා,

ඔහොම තමයි ඒ දවස් අපි ජීවිතේ ගෙව්වෙ
දැන් ඒ කිසි එකක් නෑ ඒ කාලේ ආපහු එන්නෙ නෑ ඒත් මතකය හැමදාමත් තියෙනවා.රස්තියාදුව ගැන තව ඉස්සරහට බලන් ඉන්න, කිරිමෝරු දඩයම් කරන හැටි විසිතුරු මාලු අල්ලන හැටි ....තවත්...