Wednesday, January 2, 2013

මැරෙන වෙලාව - සෙන් කතා 01



ඉක්යු දක්ෂ සෙන් ගුරුවරයෙක් ඔහු කුඩා කල සිටම ඒ ළක්ෂණ පෙන්නුවා ඔහු පොඩි කොලු පැටියෙක්ව සිටිය සංදියේ ඔහුගේ ගුරුවරයා සතුව ඉතාමත් වටිනා දුර්ලභ තේ කෝප්පයක් තිබුනා කුඩා ඉක්යු අතින් දිනක් මේ කෝප්පය බිදීගියා එයින් ඉක්යු ඉමහත් බියට පත් උනා ඒ සමගම තම ගුරුවරයා පැමිණෙන අඩි ශබ්දය ඇසෙන්නට උනා ඉක්යු බිදුනු කෝප්පයේ කැබලි තමා පිටුපස සගවා ගත්තා අසලට පැමිණි ගුරුතුමාගෙන් ඉක්යු පැනයක් ඇසුවා


"ඇයි මිනිසුන් මිය යන්නේ"

"එය සොබා දහමයි දිගුකල් ජීවත් වන හැම දෙයක්ම කාලය පැමිණි පසු මියයා යුතුයි"

ගුරුතුමා පැහැදිලි කලා
ඉක්යු බිදුනු තේ කෝප්පය ගුරුතුමා වෙත පාමින්

"ඔබේ කෝප්පය මිය යාමට කාලය පැමිණිලා" යැයි
පැවසුවා


No comments:

Post a Comment